මේ කාගේ දෝ කමතා,,,,,,,,,
පුරාණයේ සිට කමතට අතිමහත් ගෞරයක් හිමි විය. ඒ බුද්ධ භෝග ලබා ගන්නා ස්ථානය කමත වූ බැවිනි. ගොවියාගේ වී ඇට ටික රැස් කර දෙනු ලබන්නේ මෙම භූමියෙනි. මේ නිසා කමතේ හිමිකාරිත්වය බුදුන්වහන්සේට පැවරුණි. ඒ බව මෙම කවියෙන් ප්‍රකටය. මේ කාගේ දෝ කමතා අපේ බුදුන්ගේ කමතා... පසුව කමතේ හිමිකම ඉරටත් හඳටත් ලබා දී තිබෙන බව තවත් කවියකින් මෙසේ පැහැදිලි වෙයි. මේ කාගේ දෝ කමතා ඉර දෙවියන්ගේ කමතා මේ කාගේදෝ කමතා සඳ දෙවියන්ගේ කමතා මේ අනුව ඉතිහාසයේ සිට සිංහල ගොවියා කමතෙහි හිමිකම ඉරට හඳට බුදුන් ට ලබා දී තිබෙන්නේ එහි ඇති වැදගත්කම හා ගෞරවය ආරක්ෂා කර ගැනීම උදෙසා ය. කමතට පමණක් සීමා වූ ගෞරවනීය බස් වහරක් ද සිරිත් විරිත් සමුදායක් ද විශේෂ උපකරණ රැසක් ද පුද පූජා විධි රාශියක් ද දක්නට ලැබෙන්නේ එහෙයිනි. මෙහිදී කමතේ ඇති ඓතිහාසික හා සංස්කෘතික පසුබිම සිංහල ගොවියාගේ ජන ජීවිතය හා සංස්කෘතික පසුබිම සිංහල ගොවියාගේ ජනජීවිතය හා සංස්කෘතිය සමඟ විශාල ලෙස සම්බන්ධ වේ. ගොයම් කපාගත් පසු ඒවා පාගන භූමිය කමත ලෙස හඳුන්වයි. කලවිට, පාවර පොළ යනු කමත හඳුන්වන තවත් වචන කිහිපයකි. පාවර යන පදය වඩාත් ගැලපෙන්නේ ගොවීන් විසින් පයින් ගොයම් පාගන ස්ථානයටයි. කමත සෑදීම කිසියම් ශාස්ත්‍රයකට අනුව සිදු කරයි. කමත තැනිය යුත්තේ වී අපතේ නොයන ලෙස කොළ මැඬිය හැකි බිමකය. වැලි හා ගල් වී වලට මිශ්‍ර වීම වළක්වා ගත යුතුය. තෙත් ගතියෙන් යුතු ස්ථානයක කමත තැණුවහොත් කොළ මඬින විට වී ඇට පස් යට ගොස් අපතේ යාම සිදු වේ. ඒ නිසා කමත සෑදිය යුත්තේ තෙතමනය නැති තද පස් සහිත ස්ථානයකයි. කමතට ගොයම් දැමූ පසු වැසි වැස්සොත් ජලය ඉක්මනින් බැස යන පරිදි කමත සැකසිය යුතු වේ. ඒ නිසා කමත තැනීමේ දී වැසි දිය බැසයාම සඳහා ගොන් මෝල්කඩ, ඇලි මෝල්කඩ හා ඇලි මෝල්කඩ ඇළ යන අංගයන්ගෙන් යුක්ත වන ලෙස සැකසිය යුතුය. ගොවීන් සාම්ප්‍රදායිකව භාවිත කළ කමත් වර්ග තුනක් දක්නට ලැබේ. එනම්, 1.බිම් කමත 2. ගල් කමත 3. වෙල් කමත, යනුවෙනි. මෙම කමත් අතුරින් මූලිකත්වය හිමි වන්නේ බිම් කමතටය. කුඹුරු යාය අසල ගොඩබිමක් තෝරාගෙන බිම් කමත තනා ගනී. මෙය පරම්පරාගතව පැවත එයි. මෙය යායේ කාටත් පොදු ස්ථානයකි. උත්පත්තියෙන් බිම් උරුමය මෙයට හිමි වේ. කෙත් යායේ තිබෙන විශාලත්වය අනුව යායේ මැදට වන්නට කමත තනා ගනී. ඒ නිසා කමතට ගොයම් පිඩි රැගෙන ඒම පහසු වේ. බිම් කමතේ වී පාගන විට වී ඇට වලට හානියක් සිදු නොවේ. මේ නිසා බිත්තර වී වලට වෙන් කර ගැනීම පහසු වේ. ගල් කමත ලෙස හඳුන්වන්නේ කුඹුරු අසල ස්වාභාවිකව පිහිටා ඇති කළු ගල් තලාවකටයි. එහෙත් මෙහිදී වී පළුදු වීම ගොන් කුර ගැටෙන විට සිදු වෙයි. එසේ ම ගල්වලට අව්ව වැටෙනවිට ගල් කමතේ කොළ පෑගීම අපහසු වෙයි. බිත්තර වී සැකසීමට මේ කමත නුසුදුසුය. ආහාර සඳහා පමණක් වී ගන්නා විට මෙම කමත ගොයම් පෑගීම සඳහා යොදා ගනී. කමත සකසා ගත් පසු අරක් තැබීම හා අළුහන් වැඩීම යන සිරිත් ඉටු කරයි. අළුහම් වැඩීම යනුවෙන් අදහස් කරන්නේ අළු වලින් කමතේ අඳින රූප පෙළකටය. මෙයට කමත් යන්ත්‍රය ලෙස ද නමකි. අටමගල, අළු වීදිය, වංකගිරිය යන නමින් ද මෙය හැඳින්වේ. මෙයින් අපේක්ෂා කරන්නේ හුදෙක් ආරක්ෂාවය. කමතට ගොයම් දමන්නේ මෙම රූපපෙළ ඇඳීමෙන් පසුවය. මෙයට අළුචක්‍රය ඇඳීම යනුනේ ද පවසයි. ඇඳීම සඳහා ළිප් බොක්කේ අළු ගනී. එහෙත් මස්, පිළි ඇති ආහාර උයන ලද දර අළු මේ සඳහා නොගනී. කුඹුක්, අගිල්, මී,ආදී දර පුළුස්සා අළු ලබා ගනී. මෙය අදිනු ලබන්නේ ගොවිරාල විසිනි. ඔහු කොළපොතක් කපා රවුමට හකුලාගෙන ඒ මැද්දට අළු දමා පසුව එක් කොනකින් අළු ටික ටික එන පරිදි සිදුරක් සාදා කමත පුරා අළු චක්‍රය අඳී. විදානේ මහතාගේ මූලිකත්වයෙන් යායේ ගොවීන් එක්ව කමත් සුද්ධ පවිත්‍ර කරති. සිකුරාදා උදය වරුව මේ සඳහා භාවිතා කිරීමට ඇතැම් ප්‍රදේශවල ගොවීහු පුරුදු වී සිටියහ. කමත උදළුගෑමට මුලින් මල් පැළක් සාදා දෙවියන්ට කන්නලව් කිරීම සිරිතකි. මේ සඳහා දැඩිමුණ්ඩ, පුල්ලෙයාර්, ගම්භාර දෙවියන් තෝරාගෙන ඇත. මෙම කන්නලව්වෙන් පසුව විදානේ විසින් පළමු උදළු තලයගසයි. ඉන් අනතුරුව සෙසු ගොවීන් එක්ව මතුපිට පොළව කඩතොළුනොවන ලෙස උදළුගෑම කරයි. පසුව බෝල් අත්තෙන් රොඩු දූවිලි ඉවත් කරයි. ඉන් පසු කමතේ බිමට රතු හුඹස් මැටි මිශ්‍ර කර ගොම මැටි ගා ගනී. මේ සඳහා කිළිවලට හසු නොවන අය හවුල් කර ගනී. ඉන් පසුව ගොයම් කොළ පාවරය එලනු ලබයි. මේ සඳහා ප්‍රදේශයේ විදානේ රාළ, වෙද මහතා වැනි විෙශ්ෂිත පුද්ගලයන් සම්බන්ධ කර ගනී. පළමු වී කරල් මිටිය කම්බා කණුව වටේ එළයි. මංගල කොළ පාවරය එළීමට පෙර පිළිපැදියයුතු පිළිවෙත් රැසකි. නැකතට අනුව කමත හරි මැද කම්බා කණුව සිටුවීම සිදු කරයි. මෙය පොළව මට්ටමේ සිට දෙරියනක් පමණ උස කණුවකි. මෙය සිටවූ පසු ඒ අසලින් කුඩා වළක් කපයි. එහි අරක් වස්තු තැන්පත් කිරීම සිදු කරයි. මේ සඳහා කටු හක්බෙල්ලෙක්, යකඩයක්, කොහොඹ පෝරුවක්, දෑකැත්තක් යොදා ගනී. ගොයම් එළීමට පෙර කම්බා කණුව වටේ තුන් වරක් පැදකුණු කරයි. ඊට පසු කොළමිටි රැගෙන එන ගොවීන් සමාන ලෙස එවා කමත පුරා අතුරයි. අම්බරුවන් එකිනෙකා එකට ඈඳා කමතට දමයි. කොළ පෑගීමට අම්බරුවන් වට කැරකෙන්නේ කම්බා කණුව වටේටය. මුලටම ආඳන්නේ හුරු පුරුදු අම්බරුවෙකි. ඌට මුදුනායැයි කියයි. මුදුනා සම්බන්ධ කරන්නේ කම්බා කණුවටය. මුදුනා ගේ කරට ඊළඟට ආඳන්නේ කොළමුන්නා ය. ඊට පසුව දෑතුරයින් ඈඳිය යුතුය. කොළය (ගොයම් ප්‍රමානය) අනුව දෑතුරයින් සංඛ්‍යාවවැඩි කරයි. කමතේ අන්තිමට යන්නේ කලාතයාය. කමතේවැඩිම වට ප්‍රමාණය යන්නේ ඌය. මේ සඳහා ඇඟේ පතේ විසේ ඇති මී වස්සන් කලාතයන් සඳහා තෝරා ගනී. මෙහිදී ගොවියෝ කවි ගායනා කරති. මේ අතර මී හරකුන්ගොම දමන්නට පටන් ගනී. මෙයට කමත් බසින් හඳුන්වන්නේ ගොම දැමීමය. කමතේදී වැඩට උදව් වන්නන්ට හොඳින් සංග්‍රහ කෙරේ. කමතේ දිවා ආහාරය ඇඹුල වන අතර උදේ ආහාරයට අඩුක්කුව යැයි කියයි. ආහාර සඳහා පිළිහුඩු දේ, කිළි වර්ග ගෙන එන්නේ නැත. මත්පැන්, බුලත්විට කෑම කමෙත් තහනම්ය. කමතේ සියලු වැඩ නිම වෙන තෙක් එහි වැඩකරන අයට (අත්තම්කරුවන්) වී (බැත) රාශි කරන තෙක් (වී ගොඩගසන තුරු) එසේම පිට අය පැමිණ කමතේ වැඩ කරන වේලාවට මරණ, මගුල් පැවසීම ද, ඈනුම් ඇරීම ද, ඇඟමැලි කැඩීම ද හිසට කුඩ ඉහළා සිටීම ද කමතෙන් ණයට වී ඉල්ලීම වැනි දේ ද තහනම් ය.

Comments
Post a Comment