මිලියන 50ක අවභාවිතයක් සදහා උත්තර බදින්න සකර්බර්ග් පාර්ලිමේන්තුවට..

මිලියන 50ක අවභාවිතයක් සදහා උත්තර බදින්න සකර්බර්ග් පාර්ලිමේන්තුවට..

Image result for facebook owner



ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
මෙම කැදවීම සිදුකර ඇත්තේ ෆේස් බුක් ගිණුම් මිලියන 50 ක පමණ පෞද්ගලික දත්ත අයතා භාවිතය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණයකට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි.
2016 ඇමරිකා ජනාධිපතිවරණ ප්‍රතිඵලය උරගා බැලීම සඳහා මෙලෙස තොරතුරු ලබාගෙන ඇතැයි චෝදනා එල්ලවී තිබේ.
ලන්ඩනයේ ඇති සමීක්ෂණ ආයතනයක් විසින් මෙම දත්ත ලබාගැනීමට සම්බන්ධ වී තිබෙන බව වාර්තා වුවත් ඔවුන් ප්‍රකාශකර ඇත්තේ තමන් කිසිදු නීති විරෝධී දෙයක් සිදු නොකළ බවයි.


Comments