ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුම දිනය ලෙස ඊයේ දිනය හඳුන්වන්න පුලුවන් ..
දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟාවලියේ තෙවන තරඟය මේ වනවිට දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි පැවැත්වෙමින් තිබෙනවා..
එහිදි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Cameron Bancroft වැලි කඩදාසියක ආධාරයෙන් පන්දුව පළුදු කරන අයුරු කැමරාවට ඉතා පැහැදිලිව ග්‍රහණය කරගන්න සමත් වෙලා තිබෙනවා.. ඒ විතරක් නෙමෙයි මේක පැහැදිලි සැලසුමක කොටසක් .. ඕස්ට්‍රේලියානු පුහුණුකරු Darren Lehmann බංකුවේ සිටි ක්‍රීඩකයෙක්ට වෝකි ටෝකියක ආධාරයෙන් Bancroft කළ වැඩේ තිරයේ පෙන්නුවා කියලා ඔහුට දැනුම් දෙන්න කියලා කියන හැටිත් මේ අරුම පුදුම කැමරාකරු ග්‍රහණය කරගෙන තිබුණා.. ඊට පස්සෙ ඒ බංකුවෙ සිටි අතිරේක ක්‍රීඩකයා ඒ බව Bancroft ට දැනුම් දෙනවා.. ඒ වෙලාවේ Bancroft කලබල වෙනවා..ඔහු ඒ වැලි කඩදාසිය කලිසම අස්සෙ ඔබාගන්න හැටිත් තිරයේ පෙන්නනවා.. විනිසුරුවරුන් Bancroft ට කියනවා එයාගෙ කළු ලේන්සුව වගෙ රෙදි කැබැල්ල පෙන්නන්න කියලා...ඔහු එය පෙන්නනවා...එතනත් රංගනයක් කරනවා...ඒත් වැඩක් නෑ සියල්ල එළි වෙලා ඉවරයි..
ඕස්ට්‍රේලියානු නායකයා මුලින් කීවත් ඔහුගෙ අනුදැනුමක් නැතිව මේ දේ වුනෙ කියලා Bancroft කියනවා විවේක වෙලාවේ නායකත්ව කණ්ඩායම මේ ගැන සාකච්ඡා කරා කියලා.. ඉතින් කවුද මේ නායකත්ව කණ්ඩායමේ ඉන්නෙ?
ඕස්ට්‍රේලියානු නායක Steve Smith සහ උපනායක David Warner ගෙ නම් අනිවාර්යයෙන්ම එතන තියෙන්න ඕන... අනිකා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු Darren Lehmann ගෙ අනුදැනුම නැතිව නවක ක්‍රීඩකයෙක් වුන Bancroft මෙහෙම වැඩක් කරාවිද?
ඕස්ට්‍රේලියානු රජය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දන්වලා තියෙනවා Steve Smith ව වහාම නායකත්වයෙන් ඉවත් කරන්න කියලා...එරට අගමැති Malcom Turnbull මෙම සිදුවීම ගැන දැඩි කණස්සලෙන් කතා කරලා තිබෙනවා..
දැන් මොකද වෙන්නෙ? මීට කලින් මේ වගෙ දැඩි විනය විරෝධී ක්‍රියාවක් විදියට වාර්තා වෙන්නෙ 2010 වසරේදි එංගලන්ත සංචාරයේදි එවකට 18 වියෙහි පසු වූ පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක Mohomed Aamir බුකී කරුවන්ගෙ නියමයෙන් තරඟ පාවා දීමට අස්වාභාවික නිපන්දු යැවීමේ සිදුවීම.. එයට ICC යෙන් ලබා දුන් දඬුවම තමයි Aamir ට වසර පහකුත් ඔහුගෙ නායකයා වුන Salman Butt ට වසර 10ක තරඟ තහනමක් පැනවීම..
දැන් ICC ය Bancroft ට කුමක් කරාවිද? ක්‍රීඩාවේ ජීව ගුණයට ඉතාම හානිකර ලෙසින් සැලසුම් සකස් කර දැන් බබා වීමට යන Steve Smith ට එරෙහිව ගන්නා තීරණය කුමක් විය හැකිද? David Warner ගෙ ක්‍රිකට් මෙතනින් ඉවරද? ලෝක කුසලාන පවා දිනා ගෞරවනීය ක්‍රීඩකයෙකු ලෙස සමුගත් දැන් ගෞරවනීය පුහුණුකරුවෙකු ලෙස එළියට මුහුණ පෙන්නාගෙන සිටින Darren Lehmann ගෙ අනාගතය කෙබඳු වේද?
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගෙන යෑම ICC යේ පරම වේතනාව නම් පකිස්ථානයට එක නීතියකුත් ඕස්ට්‍රේලියාවට තවත් නීතියකුත් තිබිය නොහැක.. ICC ය Big 3 රටවල් වන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයට විශේෂ වරප්‍රසාද ලබා දෙන බවට අනික් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ප්‍රේක්ෂකයන් නගන චෝදනා වැරදි බවට ඔප්පු කිරීමට මීට වඩා තවත් හොද අවස්ථාවක් ඔවුන්ට නැත..
ඔබට තවත් ඉතිහාසයේ කතාවක් මතක් කරන්නම්.. 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Adam Gilchrist ක්‍රිකට් නීති වල කණින් රිංගා ස්කොච් බෝලයක් සිය අත් ආවරණය එක පිත්ත අතර රඳවා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 149ක් ලබා ගනිමින් ආඩම්බරයෙන් අර ස්කොච් බෝලය කැමරාවට පෙන්වූ ජාතියකි..
අප බලා සිටිමු.. විනය නැති තැන පැවැත්මක් නෑ කියලා පුන පුනා නැවත වරක් කියමි..
Steve Smith, වර්තමානයේ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා ඔබ වුවත් සමහරවිට ඔබට සුභ ගමන් කීමට අපට සිදු වේවි..
Comments
Post a Comment